අද දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන් වැඩවරති

අද (20) උදෑසන 08.00 සිට හෙට (21) උදෑසන 08.00 දක්වා දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මීට ප්‍රධාන හේතුව ලෙස ඖෂධවේදීන් සඳහන් කරන්නේ, උපාධිධාරී ඖෂධවේදීන් 900ක් පමණ පුහුණුව අවසන් කර සෞඛ්‍ය සේවයට එක්වීමට අපේක්ෂාවෙන් සිටි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමත් හා පුහුණුව සඳහා ඖෂධ සංයෝජකයින් තුන්සියයක කණ්ඩායමක් බඳවා ගැනීමට සැරසීම යන කාරණාවලට විරෝධය පළ කරමින් බවයි.

ඖෂධ සංයෝජකවරුන් විසින් සිදු කරනුයේ ඖෂධවේදීන්ගේ කාර්යයෙන් කොටසක් වන රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම පමණි.

රටේ ආර්ථිකය දුර්වල වී ඇති මොහොතක පුහුණුව ලත් උපාධිධාරී ඖෂධවේදීන් සිටියදී එම කාර්යය කිරීමට ආසන්න වශයෙන් සමාන වැටුපකට බඳවා ගැනීමට ගෙන ඇති අදූරදර්ශී තීරණයට මොවුන් විරෝධය පළකරයි.

මෙහිදී ඖෂධවේදීන් සියළු අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ස්වේච්ඡාවෙන් ලබා දෙනු ලබන අතර සියලු අනිකුත් සේවාවන්වලින් ඉවත් වෙයි.

සියලුම ළමා රෝහල් මාතෘ රෝහල් වකුගඩු ඒකක පිළිකා ආයතන, පිළිකා දූලක සැපයීම් ඒකක, මානසික රෝහල් මෙම වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28