spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන් වැඩවරති

අද (20) උදෑසන 08.00 සිට හෙට (21) උදෑසන 08.00 දක්වා දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මීට ප්‍රධාන හේතුව ලෙස ඖෂධවේදීන් සඳහන් කරන්නේ, උපාධිධාරී ඖෂධවේදීන් 900ක් පමණ පුහුණුව අවසන් කර සෞඛ්‍ය සේවයට එක්වීමට අපේක්ෂාවෙන් සිටි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමත් හා පුහුණුව සඳහා ඖෂධ සංයෝජකයින් තුන්සියයක කණ්ඩායමක් බඳවා ගැනීමට සැරසීම යන කාරණාවලට විරෝධය පළ කරමින් බවයි.

ඖෂධ සංයෝජකවරුන් විසින් සිදු කරනුයේ ඖෂධවේදීන්ගේ කාර්යයෙන් කොටසක් වන රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම පමණි.

රටේ ආර්ථිකය දුර්වල වී ඇති මොහොතක පුහුණුව ලත් උපාධිධාරී ඖෂධවේදීන් සිටියදී එම කාර්යය කිරීමට ආසන්න වශයෙන් සමාන වැටුපකට බඳවා ගැනීමට ගෙන ඇති අදූරදර්ශී තීරණයට මොවුන් විරෝධය පළකරයි.

මෙහිදී ඖෂධවේදීන් සියළු අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ස්වේච්ඡාවෙන් ලබා දෙනු ලබන අතර සියලු අනිකුත් සේවාවන්වලින් ඉවත් වෙයි.

සියලුම ළමා රෝහල් මාතෘ රෝහල් වකුගඩු ඒකක පිළිකා ආයතන, පිළිකා දූලක සැපයීම් ඒකක, මානසික රෝහල් මෙම වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?