අද දින විදුලිය කැපෙන වේලාවන්

අද දිනයේදීත් විදුලිය කපා හැරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැය 01 යි විනාඩි 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට අද දිනයේදී පස්වරු 03 සිට රාත්‍රී 11 දක්වා පැය 02 ක් බැගින් විදුලිය කපා හැරෙනු ඇති.