spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දින කො,’විඩ් මරණ සංඛ්‍යාවේ දැඩි වෙනසක්

ඊයේ දිනයේ දී මෙරටින් තවත් covid මරණ 61 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 12,847 දක්වා ඉහළ යනවා.

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 456,857ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාසයකට ආසන්න කාලයක් කොළඹ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ (28) සවස මියගොස් ඇත.

මියයන විට ඒ මහතා 45 හැවිරිදි වියේ පසුවිය. මේ අතර පසුගිය ජූලි මස 11 වන දා අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?