spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ පැය දහයක ජල කප්පාදුවක්

කොළොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද (08) දින පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව අද (08) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා වු ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගයන්වල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?