අද දිනයේ දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එංජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (09) දිනයේ දී දුම්රිය ගමන්වාර 56ක් අවලංගු කිරීමට සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර අද (10) දිනයේ ධාවනය කිරීමට නියමිත දුම්රියන් සහ ඒවා ධාවනය වන වේලාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අද (10) දිනය තුළ ප්‍රධාන මාර්ගය, හලාවත මාර්ගය, උතුරු මාර්ගය, කැළණිවැලි මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන ආකාරය පහතින් දැක්වෙනවා.

1
2
3
4