spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනය තුළ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව පළාතේත් ගාල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බවයි දැනුම් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?