අද දිනයේ කොරෝනා රෝගීන් 457ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වේ. නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 08 දෙනෙකුද සෙසු ආසාදිතයින් 156 දෙනා ආශ්‍රිතයින් වන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවෙදනය කළේ.

 ඒ අනුව අද දිනයේ රාත්‍රී 9.45 වන විට වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 457ක් වේ. මිනුවන්ගොඩ ආශ්‍රිතව වාර්තා වී තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5396ක් වනවා. 

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8870ක් වන අතර ඉන් 4043 දෙනෙකු සුවය ලබා ඇත. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4808 ක් වනවා.