spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ ඉන්ධන මිල සංශෝධනයක්

රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් අද (30) දිනයේ දී සිදුකළ යුතු වනවා.

මෙරට ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා මෙම මිල සූත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය මැයි මස 25 වන දිනයි.

මෙම මිල සූත්‍රය හඳුන්වාදීමත් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ සති දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනයකට ලක් කරන බවයි.

පසුගිය අගෝස්තු මස අවසන්වරට මෙම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමක් පෙන්නුම් කළා.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (30) දිනයේ සිදු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?