අද කොවිඩ් මරණ 4 ක් වාර්තා විය.ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 575කි.
මියගොස් ඇත්තේ ඉකිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
තවද කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 98 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන තිබෙනවා.මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 93,266ක් දක්වා ඉහළගොස් ඇත.













