අද තහවුරු වූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන තොරතුරු

අද (16) දිනයේ තහවුරු වූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් තිදෙනා ගැන තවදුරටත් තොරතුරු සොයමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

“එක ආසාදිතයෙක් විදේශිකයෙක්. ඔහු මේ වනවිට රටින් පිටවෙලා. අනෙක් කෙනා ලංකාවට ආපු කෙනෙක්. තෙවැනි පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයෙක්. මේ අය ගැන තාම කිසිම තොරතුරක් වාර්තා වෙලා නෑ. අපි ඒ ගැන හොයනවා. මුලින්ම හඳුනාගත් රෝගියා වෙනමම හමුවූ රෝගියෙක්. දැන් ඔක්කොම ආසාදිතයින් 4යි. ”