අද තරගය පැවැත්වෙන ඩුබායි තණතීරුව ගැන අලුත් ම ආරංචිය

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01) රාත්‍රියේ පැවැත්වීම නියමිතයි.

සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සදහා අද තරගය දෙපිළටම තීරණාත්මක වීමද විශේෂත්වයක්.

B කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද තරගය සදාහා ද ඊයේ (31) ඉන්දියාව සහ හොංකොං අතර තරගය ක්‍රීඩාකළ තණ තීරුවම යොදා ගැනෙන බවයි ඩුබායිවලින් වාර්තා වුණේ.

තණ තීරුවේ ස්වභාවය අනුව අද තරගය සදහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරිමට නියමිත අතර, අද කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවිය හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

එමෙන්ම බංග්ලාදේශය කණ්ඩායම බොහෝ දුරට පළමු තරගය සදහා ක්‍රීඩාකළ කණ්ඩායම ම අද දිනයේත් ක්‍රීඩා කිරීමට නියමිත බව සදහන්.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම B කාණ්ඩයෙන් සුපිරි හතර වටයට සුදුසුකම් ලබන අතර අෆ්ගනිස්ථානය මේ වනවිටත් එම කාණ්ඩයේ සුපිරි හතර වටයට සුදුසුකම් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55