spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද තරගය පැවැත්වෙන ඩුබායි තණතීරුව ගැන අලුත් ම ආරංචිය

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01) රාත්‍රියේ පැවැත්වීම නියමිතයි.

සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සදහා අද තරගය දෙපිළටම තීරණාත්මක වීමද විශේෂත්වයක්.

B කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද තරගය සදාහා ද ඊයේ (31) ඉන්දියාව සහ හොංකොං අතර තරගය ක්‍රීඩාකළ තණ තීරුවම යොදා ගැනෙන බවයි ඩුබායිවලින් වාර්තා වුණේ.

තණ තීරුවේ ස්වභාවය අනුව අද තරගය සදහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරිමට නියමිත අතර, අද කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවිය හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

එමෙන්ම බංග්ලාදේශය කණ්ඩායම බොහෝ දුරට පළමු තරගය සදහා ක්‍රීඩාකළ කණ්ඩායම ම අද දිනයේත් ක්‍රීඩා කිරීමට නියමිත බව සදහන්.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම B කාණ්ඩයෙන් සුපිරි හතර වටයට සුදුසුකම් ලබන අතර අෆ්ගනිස්ථානය මේ වනවිටත් එම කාණ්ඩයේ සුපිරි හතර වටයට සුදුසුකම් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?