spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද තරගයේ දී ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යාවි – ශිකන්දර් රාසා

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

අද තරගයේ දී ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යනු ඇති බවට තමන් විශ්වාස කරන බව සිම්බාබ්වේ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ශිකන්දර් රාසා පවසනවා.

තරගාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාසා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර එක්දින තරගාවලියේ දී වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නොසිටියේ මන්දැයි තමන්ට හොඳින් වැටහුණු බව ද රාසා මෙහිදී සඳහන් කළා.

දෙරට අතර තරග තුනකින් සමන්චිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (14) පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
1
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?