අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අඩු පීඩනයක් යටතේ

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඔවුන් සඳහන් කළේ මේ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ අඩු පීඩනයක් යටතේ බවයි.

කොලොන්නාව ප්‍රදේශයේදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් අද දහවල් 12 තෙක් ඉහත ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ද මණ්ඩලය කනගාටුව පළ කර තිබෙනවා.

අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42