spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආදායම් වාර්තා තබමින් ජයටම තිරගතවන තලපති විජේගේ ‘ලියෝ’

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු තලපති විජේගේ නවතම චිත්‍රපටය වන ‘ලියෝ’ පසුගිය බ්‍රහස්පතින්දා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළා.

ඒ, අනුව ඊයේ (23) දිනය වනවිට ලියෝ චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දින පහක් සම්පූර්ණ වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා පළමු දින පහ තුළ ඉන්දීය රුපියල් කෝටි 206.40ක ආදායමක් උපයා ඇති බවයි.

ඊයේ (23) දිනයේ දී පමණක් ඉන්දීය රුපියල් කෝටි 25ක අදායමක් ලියෝ චිත්‍රපටය උපයා තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 250ත් 350ත් අතර පිරිවැයක් දරමින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වනු ඇති බවයි විචාරකයින් මත පළකරන්නේ.

ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලියෝ චිත්‍රපටයේ විජයට අමතරව සංජේ දත්, ත්‍රිෂා ක්‍රිෂ්ණන් සහ අර්ජුන් සර්ජා යන රංගන ශිල්පීන්, ශිල්පිණියන් රංගනයෙන් දායක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?