අදානි සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් පක්ෂීන්ට දැඩි බලපෑම් (වීඩියෝ)

අදානි සමාගම ක්‍රියාත්මක කිරීමට නියමිත මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ දැඩි මතභේදයට තුඩු දී ඇති බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

පරිසරවේදින් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය මගින් සංක්‍රමණික පක්ෂීන්ට දැඩි බලපෑමක් එල්ලවන බවයි.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ජිවනෝපාය මාර්ගයන්ටද මේ හරහා බලපෑමක් ඇති වන බව ‘ද හින්දු’ වාර්තාවේ සඳහන්.

මෙම සුළං බලශක්ති ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජෛව විවිධත්වයට අනතුරක් විය හැකි බවට පරිසරවේදීන් පෙන්වා දෙන අතර , වෙරළාසන්න පරිසරය හා බැඳී පවතින ජනතාවගේ ජීවනෝපායට ද මෙම ව්‍යාජෘතිය හරහා බලපෑම් එල්ල විය හැකි බවට මන්නාරම ප්‍රදේශවාසීන් බිය පළ කරන බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දිවයිනේ උතුරු පළාතේ සුළං බලශක්ති නිෂ්පාදනය උදෙසා අදානි සමුහ ව්‍යාපාරය සමග එක්වුණා.

මන්නාරමේ මෙගාවොට් 250ක් සහ පුනරින් මෙගාවොට් 234ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරුණා.

2030 වසර වන විට 70% පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් රටේ වර්ධනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.

කෙසේ වෙතත් පක්ෂි විද්‍යාඥයින්ට අනුව, මන්නාරම ලොව පුරා බොහෝ පක්ෂි විශේෂ සඳහා වැදගත් සංක්‍රමණ මාර්ගයක් වනවා .
සෑම ශීත සෘතුවකම, පක්ෂින් දහස් ගණනක් දිස්ත්‍රික්කයේ තෙත්බිම් වෙත පැමිණෙන අතර , පක්ෂි නිරීක්ෂකයින් සහ සංචාරකයින් ආකර්ශනය කරගන්නා බව ද හින්දු වාර්තාවේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42