අදානි සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් පක්ෂීන්ට දැඩි බලපෑම් (වීඩියෝ)

අදානි සමාගම ක්‍රියාත්මක කිරීමට නියමිත මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ දැඩි මතභේදයට තුඩු දී ඇති බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

පරිසරවේදින් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය මගින් සංක්‍රමණික පක්ෂීන්ට දැඩි බලපෑමක් එල්ලවන බවයි.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ජිවනෝපාය මාර්ගයන්ටද මේ හරහා බලපෑමක් ඇති වන බව ‘ද හින්දු’ වාර්තාවේ සඳහන්.

මෙම සුළං බලශක්ති ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජෛව විවිධත්වයට අනතුරක් විය හැකි බවට පරිසරවේදීන් පෙන්වා දෙන අතර , වෙරළාසන්න පරිසරය හා බැඳී පවතින ජනතාවගේ ජීවනෝපායට ද මෙම ව්‍යාජෘතිය හරහා බලපෑම් එල්ල විය හැකි බවට මන්නාරම ප්‍රදේශවාසීන් බිය පළ කරන බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දිවයිනේ උතුරු පළාතේ සුළං බලශක්ති නිෂ්පාදනය උදෙසා අදානි සමුහ ව්‍යාපාරය සමග එක්වුණා.

මන්නාරමේ මෙගාවොට් 250ක් සහ පුනරින් මෙගාවොට් 234ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරුණා.

2030 වසර වන විට 70% පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් රටේ වර්ධනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.

කෙසේ වෙතත් පක්ෂි විද්‍යාඥයින්ට අනුව, මන්නාරම ලොව පුරා බොහෝ පක්ෂි විශේෂ සඳහා වැදගත් සංක්‍රමණ මාර්ගයක් වනවා .
සෑම ශීත සෘතුවකම, පක්ෂින් දහස් ගණනක් දිස්ත්‍රික්කයේ තෙත්බිම් වෙත පැමිණෙන අතර , පක්ෂි නිරීක්ෂකයින් සහ සංචාරකයින් ආකර්ශනය කරගන්නා බව ද හින්දු වාර්තාවේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16