අදානි සභාපති අද ජනපති හමුවෙයි

අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වනවා. ගෞතම් අදානි අද (25) දිනයේ දි ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර ඇත්තේ.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු අදානි සමුහ ව්‍යාපාරයට ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන්.

ගෞතම් අදානි මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එලෙස අද දිනයේ දිවයිනට පැමිණෙන අතර ජනාධිපතිවරයාට අමතරව රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු ද එහිදි හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ලබන නොවැම්බර් මස ආරම්භ කිරිමට නියමිත බව අදානි සමුහ ව්‍යාපාරය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12