”අදානිට විරුද්ධව ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ නඩු තියෙනවා” – නලින්ද ජයතිස්ස

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක අධිකරණවල අදානි සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතිද්දී එවන් සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ගිනිගත්හේන සමුපකාර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

“අදානි කියන්නේ ඉන්දියාවේ ගොවි ජනතාව පාරට බැහැල ඒ රටෙන් එළවන්න උත්සහ කරන සමාගමක්. නඩු ගොඩයි. ඉන්දියන් රුපියල් කොටි 97ක් වංචා කළ බවට අදානි ගැන ඉන්දියානු රහස් බියුරෝ එක පරීක්ෂණ කරනවා. ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව වංචා කළා කියල නඩු තියනවා අදානි සමාගමට විරුද්ධව. ඒ වගේ සමාගමක් තමයි අපේ රට පාවඩ දාලා පිළිගන්න හදන්නේ.

වරාය ඇමති හැටියට රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් පසුගිය ඔක්තෝබර් 22 ඉදිරිපත් කරනවා. ඒක බැලුවනම් හිතාගන්න පුළුවන්වෙයි ඔවුන් මේ රටේ ජනතාවගේ නියෝජිතයො ද, අදානිගේ නියෝජිතයො ද කියල. අදානිට වඩා හොඳට අදානි ගැන ලියල තියෙනවා. අදානිලා ගැන සහතික දීල තියෙනවා,” යැයි නලින්ද ජයතිස්ස මහතා එහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ නැගෙනහිර පර්යන්තය ලබා නොදෙන බවට රජය ප්‍රකාශ කර බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමට ලබාදීමේ සූදානමක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23