spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදානිගේ වත්කමට පැරදුනු අම්බානි

ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානි පසු කරමින් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් ව තිබෙනවා.

මාධ්‍ය සඳහන් කරන පරිදි ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට සීග්‍රයෙන් ලෙස වර්ධනය වීම විශේෂත්වයක්.ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානිගේ වත්කම් 1808% කින් එනම්, ඩොලර් බිලියන 83.89කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මුකේෂ් අම්බානිගේ වත්කම්ද එම කාලය තුළ 250% කින් ඉහළ ගිය ද සෞදි ඇරැම්කෝ ඛනිජ තෙල් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අත්හැරීමත් සමඟ රිලායන්ස් සමූහයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණා.අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ හුවමාරු වූ අතර, අදානි පෝට්ස් කොටස් මිලද සියයට පහකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරනු ලබන්නේද අදානි පෝට්ස් සමාගම විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?