අදත් සවස් යාමයේ වැසි – කැනියන් ජලාශයේ වාන් දොරටු ඇරේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කැනියන් ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග එහි වාන් දොරටු දෙක විවෘත කිරීමට පියවර ගත් බව එම ජලාශය භාර නිලධාරියකු සඳහන් කළා.

මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ ජලය පිටාර මට්ටමට ඉහළ යාමත් සමග එහි වාන් දොරටු දෙක අඟල් තුන බැගින් විවෘත කර ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරියේ දී ද වැසි පතිත වුවහොත් එම දොරටු දෙක තවත් අඟල් කිහිපයක් විවෘත කිරීමට සිදුවන
බව ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14