අදත් විදුලි සැපයුමට බාධා ඇතිවිමේ අවදානමක්

විදුලි බලාගාර කිහිපයක් සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් අද (04) දිනයේ ද දෛනික විදුලි සැපයුමට බාධා එල්ල වීමේ අවදානමක් මතුව ඇත.

කැලණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය ඩීසල් මෙතෙක් ලැබී නොමැති අතර එම බලාගාරය ඊයේ (03) දිනයේ ද අක්‍රිය වී තිබුණි.

එමෙන්ම කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරය සඳහා ද ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බව විදුලි බල මණ්ඩලය පැවසීය.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 360ක විදුලි ධාරිතාවක් අහිමි වනු ඇත.

ප්‍රමාණවත් විදුලි ධාරිතාවක් නොමැති වීම හේතුවෙන් ඊයේ රාත්‍රී දිවයිනේ ප්‍රදේශ රැසක පැයක පමණ කාලයක් විදුලි විසන්ධි වීම් වාර්තා විය.

කෙසේ වෙතත් දැවිතෙල් අවසන් අදියරට පැමිණ තිබූ සපුගස්කන්ද “බී” බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම අද පස්වරු 1 සිට ආරම්භ කරන බවට ඛණිජ තෙල් සංස්ථාව විසින් දැනුම් දී ඇති අතර කැලණිතිස්ස බලාගාරය සහ පාවෙන විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද දිනයේ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද විදුලි බල මණ්ඩලය පැවසීය.

විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ ප්‍රමාණවත් ලෙස ඉන්ධන තොග ලැබුණහොත් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට හැකිවන බවය.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කර විදුලි ඉල්ලුම අඩු කර ගැනීමට සහය වන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කරන්නේ විෂයභාර අමාත්‍යවරුන්ගේ හා නිළධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය, පවතින ඉන්ධන අර්බුදයට හේතු වී ඇති බවටය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37