අදත් පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ මැනිලා අගනුවර රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම භූ කම්පන තත්ත්වයත් සමග ගොඩනැගිලිවල සිටින පිරිස් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

අගනුවර දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

පසුගිය දින කිහිපය තුළම පිලිපීනයේ විවිධ ප්‍රදේශවලින් ප්‍රබල භූ කම්පන තත්ත්වයන් වාර්තා වූණා.



අපගේ නවතම වීඩියෝ පුවත්