spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදත් ප්‍රදේශ රැසකට අධික රස්නය – අඛණ්ඩ ජල සැපයුමටත් බාධා

ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද (10) දිනයේත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව බස්නාහිර, වයඹ, දකුණ, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම මොණරාගල, රත්නපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර පවතින වියළි කාලගුණය දෛනික ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීම හෝ සීමාකිරීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?