අදත් කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් රැසක ප්‍රමාදයන් අද දිනයේත් වාර්තා වී තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටින බවයි.

එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද වනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 181 දරන ගුවන් යානය අද උදෑසන 08.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ සඳහා අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් 200කට අධික පිරිසක් උදෑසන 07.15ට මෙම ගුවන් යානය තුළට නංවා තිබෙනවා.

එහෙත් මෙම යානය උදෑසන 11 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් නොතිබූ අතර , ඒ වනතෙක් එම මගීන් ද යානය තුළ රැඳී සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නේපාලයේ භූ විෂමතාව අනුව කඳුකර රාජ්‍යයක් වන අතර සවස් කාලය වනවිට කත්මණ්ඩු ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රදේශය මීදුමෙන් වැසී යන බැවින් මෙම ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා බොහෝ විට අතහැර දැමීමට සිදු විය හැකි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

පසුව මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී ඇති බැවින් මෙම ගුවන් ගමන සඳහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද එය දහවල් වනතෙක් ඉටු වී නැහැ.

නේපාලය බලා පිටත්ව යාමට පැමිණ සිටි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වග කිවයුතු බවයි. මෙම ගුවන් යානය තුළ නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානා මගින් වෙනත් ගමනාන්ත වෙත යන විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සිටින බව ද හෙතෙම පෙන්වා දෙනවා.

මේ පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ, මෙම සිදුවීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදුවූවක් වන අතර මෙම ගුවන් ගමනට වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එසේම මේ වනවිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා, මාලදිවයිනේ මාලේ සහ ජපානයේ නරීටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා ප්‍රමාද වී පැමිණෙන බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී පැමිණෙන ගුවන් යානා යළිත් ආපසු පිටත් වීම ද ප්‍රමාද වී සිදු වන බවයි ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේ.

මීට දින කිහිපයකට පෙර ද කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙන් මගීන් නොසන්සුන්කාරී ලෙසට හැසිරීමේ සිදුවීමක් වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් ඊයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා සිටියා. ඔවුන් ප්‍රකාශ කළේ යළිත් එවැනි සිදුවීම් නොවීමට කටයුතු යොදන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39