spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදත් කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10යි විනාඩි 27ක ප්‍රමාද වීමකට ලක් වී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 402 දරන ගුවන් යානය අද අලුයම 01.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

එහෙත් මෙම ගුවන් යානය පැය 10යි විනාඩි 27ක ප්‍රමාද වීමකින් පසුව අද දහවල් 11.37ට කටුනායක ගුවන් තොටුපොළෙන් බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට අද උදෑසන 10.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිව ප්‍රමාද වී තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?