පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට පළමු සභා වාරයේ සිව්වැනි දිනටත් රැස්වෙනවා.
ඒ අතුරු සම්මත ගිණුම පිළිබඳ ව සිදු කෙරෙන විවාදය සඳහා යි.
ඊයේ (05) පැවැත්වුණු පාර්ලිමේන්තු විවාදයේ දී අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභා නායක බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
ඉදිරි මාස කිහිපය සඳහා අතුරු සම්මත ගිණුම සහ පරිපූරක ඇස්තමේන්තුව මෙලෙස සම්මත කරගැනීම සඳහා විවාදය සිදු කෙරෙනු ඇති.
අද දිනයේදිත් සුපුරුදු පරිදි කතානායක ආචාර්‍යය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනවා.













