අතුරුදහන් වූ ළමයින් තුන්දෙනා ගල්ගුහාවකින් හමු වෙයි

අඹේවෙල ප්‍රදේශයෙන් ඊයේ (26) සවස සිට අතුරුදන්ව සිටි බවට පැවසුණු ළමුන් තිදෙනා කලුකැලේ රක්ෂිතයේ ගල් ගුහාවක සිටියදී හමුවී තිබෙනවා.

අවුරුදු 14 වයසේ පසුවන මෙම ළමුන් තුන්දෙනා අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් කැප්පෙටිපොල පොලිසියට පැමිණිලි කර තිබුණේ ඊයේ පස්වරුවේයි.

අනතුරුව ළමුන් ගමන් කළ බවට සැක කෙරෙන කලුකැලේ රක්ෂිතයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කැප්පෙටිපොල පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

එම මෙහෙයුමේදී ළමුන් තුන්දෙනා ගල් ගුහාවක සිටියදී සොයා ගැණුනා.

මෙම ළමයින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඊයේ සවස නිවෙස්වලට රහසින් පිටවී ගොස් රක්ෂිතයේ ගල් ගුහාවක නතරවී සිටි බවයි.

රාත්‍රී ආහාරයට චව් චව් තම්බා ආහාරයට ගත් බව ද ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.

මොවුන් මෙලෙස නිවසින් පිටවී ඒමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

පොලිස් නිලධාරීන් අදාළ දරුවන් සිය භාරයට ගෙන පොලිසියට රැගෙන ගිය අතර වෛද්‍ය පරීක්ෂණයකින් පසුව දෙමව්පියන්ට භාර දීමට නියමිතයි.

කැප්පෙටිපොළ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31