spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදහන් වූ ළමයින් තුන්දෙනා ගල්ගුහාවකින් හමු වෙයි

අඹේවෙල ප්‍රදේශයෙන් ඊයේ (26) සවස සිට අතුරුදන්ව සිටි බවට පැවසුණු ළමුන් තිදෙනා කලුකැලේ රක්ෂිතයේ ගල් ගුහාවක සිටියදී හමුවී තිබෙනවා.

අවුරුදු 14 වයසේ පසුවන මෙම ළමුන් තුන්දෙනා අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් කැප්පෙටිපොල පොලිසියට පැමිණිලි කර තිබුණේ ඊයේ පස්වරුවේයි.

අනතුරුව ළමුන් ගමන් කළ බවට සැක කෙරෙන කලුකැලේ රක්ෂිතයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කැප්පෙටිපොල පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

එම මෙහෙයුමේදී ළමුන් තුන්දෙනා ගල් ගුහාවක සිටියදී සොයා ගැණුනා.

මෙම ළමයින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඊයේ සවස නිවෙස්වලට රහසින් පිටවී ගොස් රක්ෂිතයේ ගල් ගුහාවක නතරවී සිටි බවයි.

රාත්‍රී ආහාරයට චව් චව් තම්බා ආහාරයට ගත් බව ද ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.

මොවුන් මෙලෙස නිවසින් පිටවී ඒමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

පොලිස් නිලධාරීන් අදාළ දරුවන් සිය භාරයට ගෙන පොලිසියට රැගෙන ගිය අතර වෛද්‍ය පරීක්ෂණයකින් පසුව දෙමව්පියන්ට භාර දීමට නියමිතයි.

කැප්පෙටිපොළ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?