අතුරුදන් වූ සිසුවා විහාරස්ථානයකින් හමුවෙයි

මීට දින කිහිපයකට පෙර මදුරන්කුලිය ප්‍රදේශයේදී අතුරුදන් වූ 12 හැවිරිදි පිරිමි දරුවා ඊයේ (22) කතරගම පිහිටි ගෞතම සදහම් අරණ විහාරයේ රැඳී සිටියදී සොයාගෙන තිබෙනවා.

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුසර ප්‍රියානන්ද නමැති සිසුවා පසුගිය 18 වැනිදා සිට අතුරුදන්ව ඇත.

සිසුවාගේ මව රැකියාවක් සඳහා විදේශගතව සිටින අතර සිසුවා මිත්තණියගේ නිවසේ නැවතී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිත්තණිය සමඟ ගැටුමක් ඇති කර ගැනීමෙන් පසුගිය 18 වැනිදා කිසිවකුටත් නොදන්වා නිවසින් පිටව ගිය සිසුවා නැවත නිවසට නොපැමිණි අතර පසුව ඥාතීන් විසින් මේ පිළිබඳව මදුරන්කුලිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ මෙම සිසුවා පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ සිට කොළඹට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, පසුව කතරගම ගෞතම සදහම් අරණ විහාරයේ සිටින බවත්ය.

පොලීසිය විසින් සිසුවා නැවත නිවසට රැගෙන ඒමට විහාරස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සිසුවා පොලීසිය හමුවේ පවසා ඇත්තේ තම ආශාව බෞද්ධ භික්ෂුවක් වීම බවත් තමන් ආරාමය හැර වෙනත් කිසි තැනකට නොයන බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39