spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන් වූ පාසල් සිසුවෙක් සොයා විමර්ශන

මඩොල්සිම රොබේරිය වතුයායේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු පසුගිය 16 වනදා සිට අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ රොබේරිය වතුයායේ කාමර 19හි පදිංචිව සිටි විජේකාන්ත් ශෂිදරන් නැමැති 13 හැවිරිදි පාසල් සිසුවෙක්.

පසුගිය 16 වනදා දහම් පාසල් යන බව මිත්තණියට පවසා නිවසින් පිටව ගොස් ඇති මෙම සිසුවා අතර නැවත නිවසට නොපැමිණි බවටයි ඔහුගේ මව පසුගිය 19 වනදා මඩොල්සිම පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ.

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදන් සිසුවා පිළිබඳව කිසිදු තොරතුරක් අණාවරණය වී නැහැ.

එබැවින් මෙම සිසුවා පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු සිටී නම් මඩොල්සිම පොලිස් ස්ථානයේ 0718591514 දුරකථන අංකයට හෝ 075 7845006, 07503311580 යන අංක වෙත දැනුම්දෙන ලෙසටයි මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?