අතුරුදන් වූ චීන ආරක්ෂක ඇමති ගැන අලුත් ම වාර්තාව

චීනයේ කොමියුනිස්ට් පක්ෂය හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ග්ෆු සහ ඔහුගේ පූර්වගාමියා වූ වේ ෆෙන්ග් “බරපතළ විනය කඩකිරීම්” මත නෙරපා හරින ලද බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය, ෂින්හුවා වාර්තා කර තිබෙනවා.

විශාල මුදල් ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ලබා ගැනීම මෙන් ම අන් අයට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ලීට චෝදනා එල්ල වූ අතර, විමර්ශනයක දී ඔහු “දේශපාලන වගකීම් ඉටු නොකළ” සහ “තමන්ට ප්‍රතිලාභ අපේක්ෂා කළ බව” සොයාගත් බව කොමියුනිස්ට් පක්ෂය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි.

පක්ෂයේ සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස, ලී ෂැන්ග්ෆු සිය මුල් මෙහෙවර පාවා දුන්නේය” යනුවෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙනවා.

හමුදා නිලධාරීයෙකු වන ඔහු මධ්‍යම හමුදා කොමිසමේ විශ්වාසය පාවා දුන් බව ද ඔප්පු වී ඇතැයි සඳහන්.

එමෙන්ම ලී ෂැන්ග්ෆු පක්ෂයේ අරමුණට සහ ජාතික ආරක්ෂාවට විශාල හානියක් කර ඇතැයි ද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේදී රොයිටර් පුවත් සේවය වාර්තා කළේ චීන හමුදාවේ ප්‍රසම්පාදනයේ දී සිදු වූ බවට සැක කෙරෙන දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බවයි.

මාස දෙකක කාලයක් අතුරුදහන් වීමෙන් පසු ලී ෂැන්ග්ෆු පසුගිය ඔක්තෝබර් මාසයේදී පැහැදිලි කිරීමකින් තොරව ආරක්ෂක ඇමති ධුරයෙන් අභිරහස් ලෙස නෙරපා හරිනු ලැබුවා.

ලී විමර්ශනයට ලක් ව ඇති බව මෙන්ම ඔහුගේ අපරාධවල ස්වභාවය පිළිබඳ තොරතුරු චීනය පැහැදිලිවම තහවුරු කළ පළමු අවස්ථාව මෙයයි.

ලීගේ පූර්වගාමියා වූ Wei Fenghe ද පසුගිය මාර්තු මාසයේ කැබිනට් සංශෝධනයෙන් පසුව අතුරුදන්ව සිටියා.

ඔහු 2015-17 කාලය තුළ උපායමාර්ගික මහජන විමුක්ති හමුදාවේ (PLA) රොකට් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළා.

චීනයේ සාම්ප්‍රදායික සහ න්‍යෂ්ටික මිසයිල අධීක්‍ෂණය කරන ඒකකයේ බරපතළ වෙනසක් ලෙස, හමුදා ප්‍රධානියා ද වන ජනාධිපති ෂී ජින්පින්, පසුගිය ජූලි මාසයේදී රොකට් බලකායට නව ප්‍රධානියා සහ දේශපාලන කොමසාරිස්වරයෙකු පත් කළා.

පසුගිය සැප්තැම්බරයේ Wei සම්බන්ධයෙන් දියත් කරන ලද පරීක්ෂණයකදී ඔහු අල්ලස් වශයෙන් “විශාල මුදල් සහ වටිනා භාණ්ඩ” ලබාගෙන ඇති බවත්, “අනිසි ප්‍රතිලාභ ලබා ගැනීමට අන් අයට උපකාර කර ඇති බවත්” සොයා ගත් බව Xinhua වාර්තා කර තිබෙනවා.

Li සහ Wei ගේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ තීරණ කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය වන හත් දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට එරෙහි ව හමුදාව අධිකරණයක් හමුවේ නඩු පවරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14