අතුරුදන්ව සිටි තේ දළු ව්‍යාපාරිකයා හමුවෙයි (වීඩියෝ)

අතුරුදන් වූ බවට පැවසුණු ඇඹිලිපිටිය කොලොන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඔහුගේ හිතවතෙකුගේ නිවසේ සැඟව සිටිය දී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ණයකරුවන්ගෙන් ගැලවීම සඳහා තමන් මෙසේ සැඟවුණු බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

තේ දළු එකතු කිරීමේ ව්‍යාපාරයක නිරත වූ 48 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 16 වනදා සිට අතුරුදහන් වී තිබුණා.

ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධව පැමිණිලි කිරීමත් සමඟයි පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ.

ඒ අනුව ව්‍යාපාරිකයා ගමන්ගත් වෑන් රථය දෙණියාය කොලොන්න මාර්ගයේ සුසාන භූමියක් අසල තිබී පොලිසිය විසින් සොයා ගත්තා.

පසුව පොලිසිය සිදු කළ විමර්ශනයේදී මෙලස අතුරුදහන් වු බව කියන ව්‍යාපාරිකයා මිරිහාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලැබුණු ඇමතුමක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයාට නවාතැන් ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

තමන් ලබාගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීමට නොහැකි බැවින් මෙලෙස සැඟව සිටි බව ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා සතුව තිබී බැංකුවල මුදල් තැන්පත් කළ රිසිට් පත් කිහිපයක් මෙන්ම රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

සැකකරු ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට වැඩිදුර විමර්ශණ සඳහා භාරදී තිබෙනවා.

මෙම පුද්ගලයා කළ සැලසුමක් අනුව ඔහු කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති අතර කිසිදු ආකාරයකින් පැහැර ගැනීමක් සිදුවී නොමැති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21