අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකුගේ සිරුර ගම්පල රෝහලේ ජල ටැංකියකින් හමුවෙයි

කොරෝනා ආසාදිතව සිටියදී අතුරුදන් වූ කොත්මලේ පොලීසියේ සැරයන්වරයාගේ සිරුර ගම්පොළ මූලික රෝහලේ ජල ටැංකියක් තුළ තිබි අද සොයා ගත්තා.

අඩි 40ක් පමණ උසකින් පිහිටා ඇති ටැංකියේ ජලයෙන් දුගඳක් හැමීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදියි සිරුර සොයාගෙන තිබුණේ.

මියගිය පොලිස් නිලධාරියා – පූඩලුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක් වන තුන්දරු පියෙක්.

ඔහු මීට දින 50 කට පමණ පෙර කොරෝනා ආසාදිතව ගම්පොල රෝහලේ සිටියදී අතුරුදන් වු බවට වාර්තා වු අතර, සිරුර ඥාතීන් විසින් අද හඳුනා ගත්තා.

මේ අතර, මරදාන – ආමර්වීදියේ කාමරයකදී 40 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සිරුර පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගිය සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 60, 49 සහ 43 යන වයස්වල පසුවන සැකකරුවන් පිරිසක්.

පොලීසිය සඳහන් කළේ පසුගිය 26 වනදා සිදුවූ ඝාතනයට අදාළ තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායමක සාමාජිකයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

හවුලේ සිදු කර ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ මුදල්, ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් පැහැර ගැනීම හේතුවෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ඔහු සමග උරන වී සිටි බව පොලීස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ඔවුන් මියගිය පුද්ගලයා සමග ආමර්වීදිය ප්‍රදේශයේ කාමරයකට ගොස් මත්පැන් පානය කර පසුව ඔහුට පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිරුර රැගෙන ගිය මෝටර් රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42