අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට (වීඩියෝ)

අද (09) පෙරවරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සී.සී.ටී.වී දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි තැබීමෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා යන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී තිබෙනවා.