අතීතයට සමුදීලා තාමත් තනිකඩ උමාලිගේ උපන්දිනයට ලැබුණු ආදරණීය සුබ පැතුම

උමාලි තිලකරත්න කියලා කියන්නේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ආදරණීය ආදර්ශවත් සුන්දර රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇයගේ උපන්දිනය පහුගිය දිනයක යෙදිලා තියනවා දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් අපේ රටේ ඉන්න දක්ෂ ගීපද රචකයෙක් වගේම ගායන ශිල්පියෙක් වන දයාන් විතාරණ මහතා ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට අපූරු ආදරණීය සඳහනක් ඇය වෙනුවෙන් සනිටුහන් කරලා තියනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් ඔහු වැඩිදුරටත් මෙන්න මේ වගේ ආදරය පිරිණු කතාවක් තමයි කියලා තිබුනේ.

” උමාලිට ඉරුදිනක් සේ ඒකාලෝක වූ උන්මාදනීය හඬින් තිලක තබනා රතනත්‍රයේ පිහිටම හිමි උපන්දිනක්. නව පරපුරේ සම්මානනීය ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණියක් මෙන්ම ගායිකාවක් සහ නර්තන ශිල්පිණියක් ද වන ඉරුදිනී උමාලි තිලකරත්න අද දින සිය උපන්දිනය සමරන්නීය. “රෝස වසන්තේ” චිත්‍රපටයේ හංසමාලිගේ නැගණිය ලෙස රංගනය කරමින් සිනමාවට පිවිසි ඇය “ආසයි මං පියාඹන්න” චිත්‍රපටයේ රන්මලීගේ යෙහෙළිය පබලු නම් තරුණියගේ චරිතයෙන් සිනමාවේ කැපීපෙණුනාය.

ඉන්පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ “මහරජ ගැමුණු” චිත්‍රපටයේ එළාර රජුගේ දියණිය, තිසර ඉඹුලානගේ “නිනෝ ලයිව්” හි රුචී, රොහාන් පෙරේරාගේ “හීන හොයන සමනල්ලු” හි ගුරුතුමිය සහ “ඒ ලෙවල්” හි පාරමී වැනි විශිෂ්ට චරිතාවලියක් සිනමාව මත තැන්පත් කළාය. එමෙන්ම තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ සංඛ දිනෙත් සංගීත අධ්‍යක්ෂණය කළ “නිනෝ ලයිව්” චිත්‍රපටයට “මෙතරම් සොඳුරු රැයක්” ගීය ගයමින් චිත්‍රපට පසුබිම් ගායිකාවක් ද වූවාය.

සිය පළමු සිනමා ගැයුමෙන්ම වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙසින් ජනාධිපති සිනමා සම්මානලාභිනියක වීමට තරම් ඇය භාග්‍යවන්ත වීය. ඇය මෑතකදී රංගනය කළ “බෝහිමියානුවා” ටෙලිනාට්‍ය වෙනුවෙන් ඇය සුමති, රයිගම් වැනි ටෙලි සම්මාන උළෙලන්හි හොඳම නිළිය ලෙසින් අබිසෙස් ගැන්විණි. “අවසාන විනිශ්චය” නැමැති ජපන් භාෂිත චිත්‍රපටයක සහ “මදර් තෙරේසා” ඉංග්‍රීසි චිත්‍රපටයේ ද රංගනය කළ ඇය නර්තනයට ද කැපීපෙනෙන දස්කම් දැක්වූ නිළියකි.

මම ද ආරාධිත රංගනයකින් පෙනී සිටි “සුවඳ දැනුනා ජීවිතේ” චිත්‍රපටයේ අවසන් ගීතමය ජවනිකාවේ ඇය ද උපේක්ෂා ස්වර්ණමාලී සහ් පූජා උමාශංකර් සමග නර්තනයේ යෙදුනාය. නවරත්න ගමගේ සංගීතවත් කළ කුමාර ලියනගේ ලියූ උමාලි සමග අමිත් අතපත්තු ගයන “ප්‍රේමයේ සෘතු සංහාරය” නම් ගීතය අතිශය මනරම් ගීතයකි. ඇයව මා හඳුනන්නේ ඇය කුඩා කල සිට මය. ඒ ඇගේ පියා වන තිලක් අයියා මගේ හිතවතෙකු බැවිනි. ඇය කුඩා කල නර්තනයේ යෙදෙන විට මා ඡායාරූප ගත්තා මතකය.

ඉන්පසු කාලයේ ද මා ඇය විටින් විට ඡායාරූප ගත කළ අතර එම සේයාරූ පෙළක් මෙසේ ඇය වෙනුවෙන් එක්කරමි. තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ දෙනෙකුගේ ආදරයට බඳුන් වන්නට ඇයට දිගාසිරි පතමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53