අතින් ක්‍රියා කරන එකම සෝපානය ක්‍රියා විරහිත වෙයි

අතින් ක්‍රියාත්මක කරන මෙරට එකම සෝපානය වශයෙන් සැලකෙන මහනුවර ජාතික රෝහලේ භික්ෂු වාට්ටුවේ ඇති සෝපානය අක්‍රිය වී තිබෙනවා.

එය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන විශේෂ කඹය දිරාපත් වීම හේතුවෙන් එම සෝපානය වසරක පමණ කාලයක සිට අක්‍රියව පවතින බවයි වාර්තා වන්නේ.

සුදු ජාතිකයන් විසින් මෙරට පාලනය කරන අවධියේ හන්තාන තේ වතු සමාගමට අයත් භූමියක මෙම භික්ෂු වාට්ටු ගොඩනැගිල්ල ස්ථාපිත කොට ඇති අතර මෙම සෝපානය වසර සියයකට ආසන්න පැරණි එකක් බව සඳහන්.

එම සෝපානය විදුලිය භාවිතයකින් තොරව කඹයක ආධාරයෙනුයි රෝහල් කාර්යමණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ.

මේ වන විට එම කඹය දිරායාම සහ මීයන් විසින් හානි කිරීම හේතුවෙන් සෝපානය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක පවතිනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා එම ස්ථානයට ගිය අතර පරීක්ෂාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සෝපානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඹය ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

මීට වසර ගණනාවකට පෙර ද මෙම කඹය අබලන් වීම හේතුවෙන් සෝපානය ක්‍රියා විරහිතවී ඇති අතර ඒ පිළිබඳව දැනගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විදේශයකින් එම කඹය ගෙන්වා සෝපානය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණා.

විදේශයන්හි නිෂ්පාදනය කරන මෙම කඹ විශේෂය මෙරට නාවික හමුදාව විසින් භාවිතා කරන බව සඳහන් කළ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම කඹය නාවික හමුදාවෙන් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරන බවයි.

එලෙස ලබා ගැනීමට නොහැකි වුවහොත් විදේශ රටකින් හෝ ලබා ගැනීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

මෙම කඹය ලබා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් සහාය පතන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25