අතිනවීන A330-200 ගුවන් යානය කටුනායක ගුවන්තොටට ගොඩබස්වයි (වීඩියෝ)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීමට, ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 – 243 වර්ගයේ පුළුල් බඳ සහිත (Wide Body ) නවතම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (04) පෙරවරුවේ සම්ප්‍රාප්ත වුණා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදනය කරන ෂටරූ
( Chateauroux ) ගුවන් තොටුපොළේ සිට පැය 11ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් පදවාගෙන පැමිණි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනෙකු ද සහාය දක්වා තිබූ බවයි.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසුව පානදුර, මොරටුව ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් දැක බලා ගැනීමට අඩි 1,000 ක පමණ උසකින් කටුනායක ගුවන් තොටුපොළ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන් යානය උදෑසන 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වීමෙන් පසුව , ජල ආචාර ( Water Salute ) පවත්වා පිළිගෙන, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත, රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද සම්ප්‍රාප්ත වුණා.

මෙම ගුවන් යානයත් සමග මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 23 ක් ඇති අතර, ඒවා අතරින් 10 ක් පුළුල් බඳ සහිත ගුවන් යානා වන අතර, ඉතිරි 13 පටු බඳ සහිත (Narrow Body) ගුවන් යානා වනවා.

තවත් පුළුල් බඳ සහිත ගුවන් යානා දෙකක් මිල දී ගැනීමට මේ වනවිට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා මෙම ගුවන් යානය පිළිගැනීමේ උත්සවයේ දී අනාවරණය කළා.

මෙම නවතම A- 330 -200 ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන (Economy Class) 248 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන (Business Class)18 කින් සමන්විත වනවා.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් හැංගරය වෙත පැමිණීමෙන් පසුව, සර්ව ආගමික ආශිර්වාද කිරීමට ආගමික පූජකවරුන් ගුවන් යානය වෙත පිවිස කෙටි ආගමික වතාවත් සිදු කළා.

A- 330 -200 ගුවන් යානය පැය 04කට වඩා කාලය වැය වන ඔස්ට්‍රෙලියාව, ලන්ඩන්, පැරිස්, ෆෑන්ක්ෆර්ට්, මැදපෙරදිග චීනය යන ගමනාන්ත වෙත යොමු කිරීමට නියමිතයි.

මෙම ගුවන් යානය පිළිගැනීමට ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, සීමාසහිත ගුවන් තොටුපොළ සග ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14