අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර

දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී තිබෙනවා.

සායනික විශේෂඥ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යටත්ව දෙමාපියන්ගේ අවසරය ඇතිව අදාළ සායන තුළදීම පමණක් ඔවුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹ තිබෙනවා.

වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩවල නිරෝගී දරුවන්නට එන්නත ලබාදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විශේෂඥ වෛද්‍ය කමිටුවෙන් කරුණු විමසූ අතර විශේෂඥ කමිටුව පෙන්වා දුන්නේ ලෝකයේ සෙසු රටවල් තවමත් ඒ සඳහා යොමුව නොමැති බවත්, දැනට වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ සියලුදෙනාට එන්නත ලබාදීම නිර්දේශ වී ඇති බවත්ය.

ඒ අනුව මෙරට වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ දරුවන් සියලුදෙනා එන්නත්කරණය කඩිනමින් අවසන් කිරීමටත්, රෝහල් තුළදී පමණක් එම එන්නත් ලබාදීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ දෙමාපියන් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කම ද පැහැදිළි කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව සියලු දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

තරුණ තරුණියන් එන්නත්කරණයේ දී තෝරාගත් එන්නත් පමණක් බලාපොරොත්තුවන තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, විශේෂ එන්නතක් මෙතෙක් හඳුන්වා දී නොමැති අතර සියලු එන්නත් ගුණාත්මකභාවයෙන් යුක්ත බවත්, ඒ අනුව විශේෂ එන්නතක් ලැබෙන තුරු බලා නොසිට සියලුදෙනා එන්නත්කරණයට යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය නිලිකා මලවිගේ යන මහත්ම මහත්මීන් පෙන්වාදී තිබෙනවා.

සංකූලතා සහිත පශ්චාත් කොවිඩ් රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා ග්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා ආයතන ප්‍රධානීන් තීන්දු තීරණවලට එළැඹිය යුතු බවද සඳහන් කර තිබෙනවා.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද මේ වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව සඳහන් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ස්තූතිය පළ කර තිබෙනවා.

ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය අඩාල නොවන ආකාරයට අත්‍යාවශ්‍ය සේවාවන් පෙර පරිදිම පවත්වාගෙන යාමට උපදෙස් දුන් ජනාධිපතිතුමා සියලු ආර්ථික මධ්‍යස්ථාන ආඛණ්ඩව විවෘතව තැබීමට ද දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46