අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන පුද්ගලයන්ට දැනුම් දීමක්

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළුවන වාහන සඳහා හෙට (ජූනි 7) දින සිට තවත් විශේෂිත ස්ටිකරයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම ස්ටිකරය සංචරණ සීමා බලපවත්වන මුළු කාල සීමාව තුළදී ම අදාළ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තව ද ඔහු පැවසුවේ, ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු අද (ජූනි 6) දින ලබා දෙන බව ය.

කොළඹ නගරයට ඇතුළු වීමේදී තොරතුරු ලබා දීම සඳහා යම් කාලයක් වැය වන බැවින් එහිදී සිදු වන ප්‍රමාදය සහ ඔවුන් ලක්වන අපහසුතාව වැළැක්වීම සඳහා නව ස්ටිකරය හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

තව ද එම ස්ටිකරය අවභාවිත කරමින් කටයුතු නොකරන ලෙස අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සාමාජිකයන්ගෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18