අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල ඉහළට දැමීමට සැරසේ..

කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ අදහස් පලකළේ අද (21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – Shop අලෙවි සැලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එමෙන්ම මෙසේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව බවත්, මේ පිළිබඳව සතියක් ඇතුලත තීරණයක් ගන්නා බවත්ය.

කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී තීරණය කිරීමට නියමිතව ඇත එහිදී මිල සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළඹෙනු ඇති. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවටය.

කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවේදී වෙළද තත්ත්වය සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57