spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල ඉහළට දැමීමට සැරසේ..

කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ අදහස් පලකළේ අද (21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – Shop අලෙවි සැලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එමෙන්ම මෙසේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව බවත්, මේ පිළිබඳව සතියක් ඇතුලත තීරණයක් ගන්නා බවත්ය.

කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී තීරණය කිරීමට නියමිතව ඇත එහිදී මිල සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළඹෙනු ඇති. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවටය.

කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවේදී වෙළද තත්ත්වය සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?