අත්සන් කළ යුගදනිවී බලාගාර ගිවිසුම මුදල් ඇමතිතුමා දැකලා නැහැ කියා කිව්වා – රාජ්‍ය ඇමති දයාසිරි කියයි

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමග අත්සන් කෙරුණු ගිවිසුම තමන් ද දැක නොමැති බව මුදල් අමාත්‍යවරයා ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

” යුගදනවී බලාගාරය ගැන ආපු ටෙන්ඩරයේ තියෙන්නේ ගෑස් නළ එළිම වෙනම, නෞකාවෙන් ඇවිත් ගෑස් ලබාදීම වෙනම කියලයි තියෙන්නේ. ඒ කියන්නේ ගෑස් ආනයනය කිරීම සහ බෙදා හැරීමේ සම්පුර්ණ බලය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තියාගෙනයි සිදුකරන්නේ. නමුත් මේ ටෙන්ඩරයේදී ගෑස් නළ එළිම, ගෑස් ගෙන්වීම සහ ගෑස් බෙදාහැරීම කියන සියලු දේ අර සමාගම යටතට යනවා ඒකාධිකාරියක් විදිහට. පැහැදිලිවම කිව්වොත් රටේ ප්‍රධාන මර්මස්ථානයක් එම සමාගමට ලබාදීම කියලයි වසර 05කට කියලයි. නමුත් ගිවිසුමේ වසර 05ක් කියලා කිව්වට ඊට යටින් තියෙනවා මිට පස්සේ හදන සියලු බලාගාර වලට ගෑස් සැපයීමේ බලය තිබෙන්නේ මේ සමාගමටයි කියලා.

මහජන මන්ත්‍රණ සභාව රැස් කරන්න කලින් දවසේ පක්ෂ නායක රැස්වීමේදී අපි මතුකළ එකම කාරණාවකවටවත් මුදල් ඇමතිතුමාගෙන් උත්තර ආවේ නැහැ. එතුමා කිව්වේ මේ සම්බන්ධයෙන් සිදුකළ කාර්ය භාරය ගැන කිව්වා. ඒ වගේමයි මේ අත්සන් කළ ගිවිසුමවත් එතුමා තාම දැකලා නැහැ කියලා කිව්වා. දැන් ගිවිසුම අත්සන් කරලා මාස 02ක් වෙනවා. එහා පැත්තේ කාමරයේ තමයි ආටිගල මහත්මයා ඉන්නේ, මෙහා පැත්තේ තමයි මුදල් ඇමතිතුමා ඉන්නේ. මුදල් ඇමතිතුමාට මාස 02ක් යනකම් අත්සන් කරපු ගිවිසුමක් දැකලා නැත්නම් ඒක විශාල අර්බුධයක් නේ. එතුමා අපට කිව්වේ මේ අත්සන් කරලා තියෙන්නේ පෙර සැකසුම් ගිවිසුම පමණයි, ඉදිරියේදී තවත් ගිවිසුම් දෙකක් අත්සන් කරන්න තිබෙනවා කියලා.ඒ සඳහා අපට යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25