spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කළොත් මොකද වෙන්නේ ? (වීඩියෝ)

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය බලතල ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගාලුමුවදොර මෙහෙයුම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (23) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා සිදුකරන යම් පුද්ගලයෙක් අධිකරණයකින් වරදකරුවෙකු වුවහොත් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කිරීමට හැකියාව පවතින බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවද එක්ව සිටියා.

https://youtu.be/rpjHGprVG28
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?