spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩු මිලට දෙන්න රජය සුදානමින්

බිත්තර සහ ලොකු ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අවුරුදු සමයේ අඩු මිලට ජනතාවට ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ අද (28) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බවද වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කළා.

ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන සලසා දීමට බවත්, ඒ අනුව රජය ඊට මැදිහත් වූ බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 40ට වඩා අඩුවෙන් පවතින්නේ නම් තවදුරටත් බිත්තර ආනයනය කිරීමට අවශ්‍යය නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එළඹෙන උත්සව සමය සඳහා කිසිදු හිඟයකින් තොරව, අඩු මිලකට එළවළු වැනි දේශීය හා ආනයනික භාණ්ඩ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍යය භාණ්ඩ ලබා දෙන බවද පැවසු අමාත්‍යවරයා ඉන්දියාව හා පාකිස්ථානය ළූණු අපනයනය නතර කිරීමත් සමග චීනය වැනි රටවල් වලින් ළූණු ආනයනයට රජය යොමු වූ බවත් ප්‍රකාශ කළා.

ඩොලරයේ අගය රුපියල් 300කට පමණ අඩු වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තුළ ඒම වාසියද ඉදිරියේදී පාරිභෝගිකයාට ලැබෙන බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?