අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩු මිලට දෙන්න රජය සුදානමින්

බිත්තර සහ ලොකු ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අවුරුදු සමයේ අඩු මිලට ජනතාවට ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ අද (28) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බවද වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කළා.

ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන සලසා දීමට බවත්, ඒ අනුව රජය ඊට මැදිහත් වූ බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 40ට වඩා අඩුවෙන් පවතින්නේ නම් තවදුරටත් බිත්තර ආනයනය කිරීමට අවශ්‍යය නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එළඹෙන උත්සව සමය සඳහා කිසිදු හිඟයකින් තොරව, අඩු මිලකට එළවළු වැනි දේශීය හා ආනයනික භාණ්ඩ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍යය භාණ්ඩ ලබා දෙන බවද පැවසු අමාත්‍යවරයා ඉන්දියාව හා පාකිස්ථානය ළූණු අපනයනය නතර කිරීමත් සමග චීනය වැනි රටවල් වලින් ළූණු ආනයනයට රජය යොමු වූ බවත් ප්‍රකාශ කළා.

ඩොලරයේ අගය රුපියල් 300කට පමණ අඩු වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තුළ ඒම වාසියද ඉදිරියේදී පාරිභෝගිකයාට ලැබෙන බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46