අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නතර කරන්න – ඇමති වාසුදේව

කවුරු ආණ්ඩු පාලනය කරත් ලෝකයේ වර්තමාන තත්ත්වය අනුව ඩොලර් හිඟයකට මුහුණ පෑමට සිදුවන බවත් ඩොලර් හිඟය නැති වීමට කුමන හෝ රටකින් ඩොලර් ණයට ගත යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

එසේම ඩොලර් ණයට ලබාගැනීමේදි ඒ ඒ රටවලට වාසි විදියට හා ඒ රටවල ප්‍රයෝජනයක් වන ආකාරයටයි ණය දෙන බවත් කුමන රටක් සමග වුවත් වෙළඳාමේ වාසිය ලබාදෙමින් එම රටවල් සමග ගනුදෙනු කිරීමට සිදුවන බවයි ඔහු පැවසුවේ.

“මේ අවස්ථාවේ පවත්නා ඩොලර් හිඟය අපි විසඳාගත යුතුයි. ඩොලර් කෙලින්ම ණයට ගන්න ගියාම කොන්දේසි පනවනවා එම කොන්දේසි රටට ඉතාමත් අපලයි. මේවයේ පොලිය පමණක් නෙවෙයි ප්‍රමාද ගාස්තුත්, දඩ පොලීත් අය කරනවා ඒ වගේම මේ මේ දේවල් කළ යුතුයි නොකළ යුතුයි කියලා නීතිත් දානවා ඉතින් ඒ හැම දෙයක්ම අපේ රටේ ජන ජීවිතයට අහිතකර ලෙස බලපානවා.

ඩොලර් ඉපැයීමට කඩිනමින් සහ ක්‍රමවත්ව කටයුතු කළ යුතුයි. මේ සඳහා අපේ සංචාරක කර්මාන්තය, අපනයන ආර්ථිකයත් සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා රජය වඩා ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කරනවා. මේ වන විට අපේ සංචාරක ව්‍යාපාරයත් අපනයන කර්මාන්තයත් යහපත් මාර්ගයකට යොමු වෙමින් පවතිනවා. එය විශාල සතුටක් මෙන්ම දැවැන්ත සහනයක්.

ඒ වාගේම අපේ ආනයනයන් අඩු කිරීමටත් අපි කටයුතු කල යුතුයි. දැනට වාහන ගෙන්වීම නැවැත්තුවා මේ තුළින් යම් සහනයක් ලබාගෙන තියෙනවා. ඒ වාගේම අත්‍යවශ්‍ය නොවන සෑම දෙයකම ආනයනය හැකි තරම් දුරට නැවැත්විය යුතුයි.

භාණ්ඩයක් හිඟ වන විට එම හිඟවන භාණ්ඩයෙ මිල වැඩිකළොත් එය මිලදී ගත හැක්කේ වැඩියෙන් මුදල් අතේ තියෙන අයට පමණයි. ඒ තුළින් හිඟය පිළිබඳ ගැටළුව විසඳෙනවා නමුත් සාමාන්‍ය ජනතාව මේ තුළින් ඉතාම අසීරුතාවයකට පත් වෙනවා. එක්කෝ අඩුවෙන් පාවිච්චි කරනවා. නැත්නම් මිලදී ගැනීම අතහැරලා දානවා. ඒ නිසා සල්ලි මුදල් නැති අයට වෙළෙඳපොළ තුළ සිදුවන මේ අහිතකර තත්ත්වය නැති කරන්න අපි යෝජනා කරනවා. භාණ්ඩයක් හිඟ නම් රජය ප්‍රධාන ලෙස මැදිහත් විය යුතුයි. තොග වෙළඳාමට එසේ මැදිහත්වෙලා එම හිඟ භාණ්ඩය තොග වශයෙන් මිලදී ගනිමින් සමුපාකාර සතොස වැනි රාජ්‍ය ආයතනයන්හි මූලිකත්වයෙන් ඒවා සාධාරණ මිලකට බෙදා හැරිය යුතුයි. එහිදී මේ වියදමේ යම් කිසි බරක් ආණ්ඩුව දරාගත යුතුයි. මේ අත්‍යවශ්‍ය හිඟ භාණ්ඩ අඩුආදායම්ලාභීන් අතරේ බෙදා හැරීමට රාජ්‍ය අලෙවි ජාලය ශක්තිමත් කළ යුතුයි.

හොඳම උදාහරණය පෙට්‍රොලීයම් අද ඉන්ධන මිල ලෝක වෙළදපොලේ අධික ලෙස ඉහළ යනවා ඒ නිසා අපට ලොකු විදේශ විනිමයක් ඉන්ධන සඳහා වැය කළ යුතු වෙනවා. මේ සඳහා විසඳුමක් ලෙස අපි ඉන්ධන භාවිතය සීමා කළ යුතුයි ඒ සඳහා ජනතාව පෙළඹවිය යුතුයි.

සල්ලි, මුදල් යහමින් තියෙන අය අසීමිතව ඉන්ධන භාවිතා කරනවා නම් ඒ අයට ඉහළ මිලකටත් සාමාන්‍ය ජනතාවට කිසියම් ක්‍රමයක් මගින් සාධාරණ මිලකටත් ඉන්ධන ලබා දීමට කටයුතු කළ යුතුයි. මිල වැඩිකළොත් අඩු ආදායම්ලාභීන් වැඩියෙන් භාවිතා කිරීම සීමා කිරීමකුත් සිදුකරනවා. අඩු ආදායම්ලාභීන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා සහන මුදලකට මේ ඉන්ධන ලබා දිය යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06