අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල සතොසෙන් පහත දමයි

රාජ්‍ය අංශය සතු සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය තම පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් පෙරදැරිව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම මිල පහත හෙළීම අද (26) සිට ක්‍රියාත්මක වනවා.

01.ලොකු ලූනු

නව මිල – රු. 309.00
පැවති මිල- රු. 319.00
ඉතිරිය- රු. 10.00

  1. සුදු සීනි (තොග) 1kg

නව මිල – රු. 245.00
පැවති මිල – රු. 249.00
ඉතිරිය – රු. 4.00

  1. රතු පරිප්පු 1kg

නව මිල – රු. 242.00
පැවති මිල – රු. 244.00
ඉතිරිය – රු. 2.00

  1. පාන් පිටි 1kg

නව මිල – රු. 174.00
පැවති මිල – රු. 179.00
ඉතිරිය – රු. 5.00

  1. රතු කැකුළු 1kg

නව මිල – රු. 173.00
පැවති මිල- රු. 174.00
ඉතිරිය – රු. 1.00

  1. සුදු කැකුළු 1kg

නව මිල – රු. 174.00
පැවති මිල – රු. 179.00
ඉතිරිය – රු. 5.00

මෙම සියලු භාණ්ඩ ඉහත සඳහන් මිල ගණන් යටතේ රට පුරා විහිදී ඇති සියලුම ලංකා සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයින්ට හෙට දිනයේ සිට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.