අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකම නිසා උතුරේ පවුල් ඉන්දියාවට ? – එරට මාධ්‍ය වාර්තා කරයි

උතුරේ දෙමළ පවුලක් බෝට්ටුවක නැගී ඉන්දියාවට යාමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිට තමිල්නාඩුවට බෝට්ටුවකින් යාමට උත්සාහ දරා ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පිරිස් තමිල්නාඩුවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි ප්‍රදේශයේදී තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

තමිල්නාඩුවේ රාමේෂ්වරන් අසල ධනුෂ්කොඩි ප්‍රදේශයේ පිහිටා ඇති වැලි කඳු පන්තියේ තුන් වැනි දූපතේ පිරිසක් රැඳී සිටින බවට Q පොලිසියට ලද තොරතුරක් අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු වෙරළාරක්ෂක බලකාය ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එහි ගිය වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ එම වැලිකන්ද මත පිරිමි පුද්ගලයෙක් කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් තුන්දෙනෙකු සිටින ආකාරයයි.

ඉතාමත් විඩාපත්ව සිටි ඔවුන් සිය භාරයට ගැනීමෙන් අනතුරුව ආහාර සහ ජලය ලබා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම පුද්ගලයින් සරණාගතයන් ලෙස තමිල්නාඩුවට පැමිණෙන්නට ඇති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් තමිල්නාඩු මණ්ඩපම් වෙරළාරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගොස් එතනින් මූලික පරීක්ෂණ අවසන් කර ඔවුන් ඉන්දීය මැරීන් පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

එහිදී සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුවයි ඔවුන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ.

එහිද දී සිදු කෙරෙන විමර්ශන අනුව අදාළ පුද්ගලයින් සරණාගතයන් ලෙස ඉන්දියාවට පැමිණ ඇති බව තහවුරු වුවහොත් ඔවුන් තමිල්නාඩු සරණාගත කඳවුරක් වෙත යොමු කරනු ඇති.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින කිරිපිටි, භූමිතෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩවල හිඟය සහ අධික ජීවන වියදම දරා ගත නොහැකිව උතුරුකරයේ ශ්‍රී ලාංකිකයින් නැවතත් තමිල්නාඩුව වෙත සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මතුවී ඇති බවයි.

කෙසේ වෙතත් දශක තුනක යුද්ධයෙන් පසු උතුරුකරයේ ජනතාව නැවතත් තමිල්නාඩුව කරා සරණාගතයින් ලෙස යොමුවන පුවතක් වාර්තා වන්නේ පළමු වතාවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09