අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පිලිබඳ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවයි

ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ, මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අප විෂයභාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, ප්‍රමුඛතාව අනුව රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොර ව ආනයනයට රජය පියවර ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !