spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය ආහාරවල මිල තව තවත් ඉහළ යන අයුරු

එළඹෙන උත්සව සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනික භාණ්ඩවල මිල තීරණය වන ආකාරය සම්බන්ධයෙන් තවමත් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව ඔවුන් පෙන්වාදෙයි.

ඒ අනුව, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තීරණය වන ආකාරය පිළිබඳව ඉදිරි සතියේදී යම් එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර, අද (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන්, බත් පාර්සල්, තේ සහ බේකරි නිෂ්පාදන වල මිල ඉහළ නංවා තිබේ.

ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රු30කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර සෙසු බේකරි නිෂ්පාදන වල මිලද රුපියල් 10කින් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මීට අමතරව කෑම පැකට්ටුවක මිල රුපියල් 20කින් හෝ 30කින් ඉහළ යා හැකි බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළයාම හමුවේ  සියලු භාණ්ඩ මිල ඉහළයාමක් සිදුවන අතර ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?