අත්‍යවශ්‍ය ආහාරවල මිල තව තවත් ඉහළ යන අයුරු

එළඹෙන උත්සව සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනික භාණ්ඩවල මිල තීරණය වන ආකාරය සම්බන්ධයෙන් තවමත් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව ඔවුන් පෙන්වාදෙයි.

ඒ අනුව, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තීරණය වන ආකාරය පිළිබඳව ඉදිරි සතියේදී යම් එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර, අද (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන්, බත් පාර්සල්, තේ සහ බේකරි නිෂ්පාදන වල මිල ඉහළ නංවා තිබේ.

ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රු30කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර සෙසු බේකරි නිෂ්පාදන වල මිලද රුපියල් 10කින් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මීට අමතරව කෑම පැකට්ටුවක මිල රුපියල් 20කින් හෝ 30කින් ඉහළ යා හැකි බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළයාම හමුවේ  සියලු භාණ්ඩ මිල ඉහළයාමක් සිදුවන අතර ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14