spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්අඩංගුව ගනු ලබන කංසා සම්බන්ධයෙන් අලුත් තීරණයක්

අත්අඩංගුවට ගනු ලබන කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර සෙසු ප්‍රමාණය ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාව වෙත භාරදීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරිම පිළිබඳව අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලබන කංසා ආයුර්වේද සංස්ථාවට භාරදීමට පෙර භාරදුන් ප්‍රමාණය හා විනාශ කරන ලද ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට එහිදි උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම එලෙස භාරදෙනු ලබන කංසා ආයුර්වේද සංස්ථාව දක්වා ප්‍රවාහනය කිරීම, එහි ආරක්ෂාව ඇතුළු වගකීම් පොලීසිය විසින් භාර ගත යුතු බවට අදාල සාකච්ඡාවේදී අවදානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?