අත්අඩංගුවේ සිටි කාන්තාවක් මිය යාමේ සිද්ධියට වැලිකඩ OICට ස්ථාන මාරුවක්

අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා තිබෙනවා.

මෙලෙස මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද නම් නිලධාරියෙක්.

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදුකළ නිර්දේශය අනුවයි පොලිස්පතිවරයා විසින් තාවකාලිකව එම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගත්තේ යැයි කියන සිද්ධියකට එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී යි මරණයට පත් වුණා.

බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි තිදරු මවක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ අතර අය පසුගිය 11 වනදා ජිවිතක්ෂයට පත්ව තිබුණා.

එම සිද්ධියට අදාළව මේ වන විට උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඊට අමතරව තවත් කොස්තාපල්වරයෙක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුට ද ස්ථාන මාරු ලබා දෙනු ලැබුවා.

මෙහෙකාර කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පැවැත්වූ අතර එහිදී විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවටයි අනාවරණය වී තිබුණේ.

ඒ අනුව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16