spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්අඩංගුවේ සිටි කාන්තාවක් මිය යාමේ සිද්ධියට වැලිකඩ OICට ස්ථාන මාරුවක්

අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා තිබෙනවා.

මෙලෙස මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද නම් නිලධාරියෙක්.

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදුකළ නිර්දේශය අනුවයි පොලිස්පතිවරයා විසින් තාවකාලිකව එම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගත්තේ යැයි කියන සිද්ධියකට එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී යි මරණයට පත් වුණා.

බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි තිදරු මවක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ අතර අය පසුගිය 11 වනදා ජිවිතක්ෂයට පත්ව තිබුණා.

එම සිද්ධියට අදාළව මේ වන විට උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඊට අමතරව තවත් කොස්තාපල්වරයෙක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුට ද ස්ථාන මාරු ලබා දෙනු ලැබුවා.

මෙහෙකාර කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පැවැත්වූ අතර එහිදී විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවටයි අනාවරණය වී තිබුණේ.

ඒ අනුව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?