අත්අඩංගුවේදී කාන්තාවක් මියගිය සිද්ධියට පොලිසියේ තුනක් රිමාන්ඩ්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් මෙහෙකාර කාන්තාවක වන රාජන් රාජකුමාරීගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම පොලිසියේ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල්වරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

එදින සැකකරුවන් හඳුනාගැනීමට පෙරට්ටුවක් වෙත ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් නිලධාරීන් තුන්දෙනා ආවරණය කර අද සවස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කළා.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු පදනම් කරගෙන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරුවන් තුන්දෙනා දුටුවොත් හඳුනාගත හැකි බවට සාක්ෂි කරුවන් කීපදෙනෙකු ප්‍රකාශ කර ඇති හෙයින් ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බී. ප්‍රියංග මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන් බැවින් බන්ධනාගාරය තුළ දී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන ලෙසටයි.

ඊට ප්‍රතිචාර වශයෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමාට එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි වුවත් මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන් බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දෙන බවයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාර පොලිස් නිලධාරීන් තුන්දෙනා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26