spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්අඩංගුවට පත් පාණ්ඩ්‍යා සහෝදරයින්ගේ සහෝදරයා ආර්ථික අපරාධ අංශයට

සුපිරි ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන හර්දික් පාණ්ඩ්‍යා සහ කෘනාල් පාණ්ඩ්‍යාගේ බාල සහෝදරයෙකුවන වෛභව් පාණ්ඩ්‍යා පසුගිය සඳුදා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මතයි.

එලෙස අත්අඩංගුවට ගැනුණු ඔහු ලබන 16 වනදා දක්වා ආර්ථික අපරාධ අංශය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වෛභව් පාණ්ඩ්‍යා විසින් හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ පොලිමර් සමාගමකින් ඉන්දීය රුපියල් කෝටි 04ක මුදලක් වංචා කිරීම ඔහුට එල්ල වී තිබෙනවා.

මෙම ව්‍යාපාරය සඳහා හර්දික් සහ කෘනල් සියයට 80ක මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඇති අතර වෛභව් පාණ්ඩ්‍යා යොදවා ඇති මුදල් ප්‍රමාණය සියයට 20ක්.

වෛභව් විසින් දෛනික ව්‍යාපාර මෙහෙයුම් අධීක්‍ෂණය කරන බවට එකඟ වී අතර ඒ අනුව ලාභය බෙදා ගැනීමටයි ව්‍යාපාර එකඟතාවට පත්ව ඇත්තේ.

ඔවුන් අතර තිබූ ව්‍යාපාරික කොන්දේසි කඩකර 37 හැවිරිදි වෛභව් වෙනත් සමාගමක් පිහිටුවීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?