අත්අඩංගුවට පත් පාණ්ඩ්‍යා සහෝදරයින්ගේ සහෝදරයා ආර්ථික අපරාධ අංශයට

සුපිරි ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන හර්දික් පාණ්ඩ්‍යා සහ කෘනාල් පාණ්ඩ්‍යාගේ බාල සහෝදරයෙකුවන වෛභව් පාණ්ඩ්‍යා පසුගිය සඳුදා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මතයි.

එලෙස අත්අඩංගුවට ගැනුණු ඔහු ලබන 16 වනදා දක්වා ආර්ථික අපරාධ අංශය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වෛභව් පාණ්ඩ්‍යා විසින් හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ පොලිමර් සමාගමකින් ඉන්දීය රුපියල් කෝටි 04ක මුදලක් වංචා කිරීම ඔහුට එල්ල වී තිබෙනවා.

මෙම ව්‍යාපාරය සඳහා හර්දික් සහ කෘනල් සියයට 80ක මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඇති අතර වෛභව් පාණ්ඩ්‍යා යොදවා ඇති මුදල් ප්‍රමාණය සියයට 20ක්.

වෛභව් විසින් දෛනික ව්‍යාපාර මෙහෙයුම් අධීක්‍ෂණය කරන බවට එකඟ වී අතර ඒ අනුව ලාභය බෙදා ගැනීමටයි ව්‍යාපාර එකඟතාවට පත්ව ඇත්තේ.

ඔවුන් අතර තිබූ ව්‍යාපාරික කොන්දේසි කඩකර 37 හැවිරිදි වෛභව් වෙනත් සමාගමක් පිහිටුවීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46